header logo
SLIC
උණුසුම් පුවත්
ප්‍රධාන ජලාශ 74හි ජල ධාරිතාව 36%ක් දක්වා පහළට
53m ago
ප්‍රධාන ජලාශ 74හි ජල ධාරිතාව  36%ක් දක්වා පහළට
EDEX

දිවයිනේ තෙත් කලාපයේ පිහිටි ප්‍රධාන ජලාශවල ජල මට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති වුවද, වියළි කලාපයේ ජලාශවල ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.

විශේෂයෙන්ම හම්බන්තොට, මඩකලපුව, මොනරාගල, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජලාශවල ජල ධාරිතාව මේ වන විට 30%කටත් වඩා අඩු මට්ටමක් දක්වා පහත වැටී ඇති බව ඒ මහතා සඳහන් කර සිටී.

වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ දිවයිනේ ප්‍රධාන ජලාශ 74හි සමස්ත ජල ධාරිතාව 36%ක් දක්වා පහළ වැටී ඇති බවය.

සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී වියළි කාලගුණයක් පැවතුණද මෙම වසරේ පවතින එල් නිනෝ කාලගුණික විපර්යාසය හමුවේ එම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම පවතින අධික තාපය හේතුවෙන් වැව් සහ ජලාශවල ජලය වේගයෙන් වාෂ්පීකරණය වී සිඳී යාම සිදු වේ.

මෙම තත්ත්වය හමුවේ ජල අවශ්‍යතාව ඉහළ යන නමුත්, ජල සම්පත වේගයෙන් සීමා වෙමින් පවතී.

මේ හේතුවෙන් දැඩි වියළි කාලගුණයෙක් පවතින ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සහ පාරිසරික අවශ්‍යතා සඳහා ජලය වෙන් කිරීමට සිදුවන බැවින්, වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම අපහසු විය හැකි බව ද   අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

පානීය ජලය ලබාදීම මෙතෙක් සීමා කර නොමැති වුවද, සමහර ප්‍රදේශ සඳහා වගාවන් වෙනුවෙන් නිකුත් කරනු ලබන ජල ප්‍රමාණය සීමා කිරීමට පියවර ගෙන ඇති බවද එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසීය.

මෙම අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දීම සඳහා ඇති එකම විකල්පය ජලය ඉතා පරිස්සමෙන් භාවිත කිරීම සහ පරිසරයට සංවේදීව ජීවත් වීම බව ඒ මහතා අවධාරණය කර සිටී.

අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පවතින අධික උණුසුම හා වියළි කාලගුණය හේතුවෙන් ලැව්ගිනි වැනි තත්ත්වයන් ඇති විය හැකි අතර එය ඉතා ඉක්මනින් පැතිර යාමේ අවදානමක් ද පවතින බවය.

ඒ හේතුවෙන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට ද ඒ මහතා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

එමෙන්ම ඉදිරි කාලගුණික වෙනස්වීම්වලට පෙර සූදානම් වීම සඳහා එල්-නිනෝ පුරෝකථනයන් පිළිබඳව නිරන්තරයෙන් දැනුවත්ව සිටීමේ වැදගත්කමද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මේ අතර එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙනුයේ එම දිස්ත්‍රික්ක 7හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 23ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බවය‍.

එමෙන්ම  පවුල් 25,628ක පුද්ගලයින් 81,865ක් එල් නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

මෙම බලපෑම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කට පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

ඒ අනුව පවුල් 23,048ක පුද්ගලයින් 72,153 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana