header logo
SLIC
උණුසුම් පුවත්
ලබන වසරේ සිට ඇරඹෙන විදුලි දුම්රිය
2h ago
ලබන වසරේ සිට ඇරඹෙන විදුලි දුම්රිය
EDEX

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් බව හම්බන්තොට පැවැති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම විදුලි දුම්රිය සේවාව මරදානෙන් ආරම්භ කිරීමට නියමිත අතර ඒ ඔස්සේ මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා උසස් ප්‍රවාහන පහසුකමක් සැලසීම රජයේ අරමුණ වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අනුව බෙලියත්තේ සිට ‘රුහුණු කුමාරි’ දුම්රියෙන් පැමිණෙන මගීන්ට පානදුරෙන් බැස විදුලි දුම්රිය මගින් කොළඹ නගරයට ළඟාවීමට අවස්ථාව හිමිවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මීට අමතරව රටේ ප්‍රවාහන හා මහාමාර්ග පද්ධතියේ ප්‍රමාද වී තිබූ සංවර්ධන කටයුතු රැසක් නැවත ආරම්භ කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා මෙහිදී අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා,

"අපි ගෙනාවා මෙට්‍රෝ බස්. කොළඹ ඇතුළු නගරාසන්න ප්‍රදේශවලට දැන් මෙට්‍රෝ බස් යනවා. ඉතා හොඳ පහසුකම් යටතේ යන්නේ. බස් ගෙනාවා, බස් ගැමුණුට එළාර වැහෙනවා. ගැමුණු කෑගහනවා. මං අහගෙන ගැමුණු කියනවා 'මේ ආණ්ඩුවක් ඇවිල්ලා ආණ්ඩුවේ ප්‍රවාහන සේවය ශක්තිමත් කරනවා' කියල. ඉතින් අපි ආවේ ඕකටනේ! ඇයි ඔයා කලබල වෙන්නේ? ඕගොල්ලෝ කලබල වෙන්න එපා. අපි මේ රට හදනවා.

අපි විදුලි දුම්රිය මාර්ග ආරම්භ කරනවා ලබන අවුරුද්දේ. මරදානෙන් පටන් අරන් නගරාසන්න විදුලි දුම්රිය මාර්ග. ඔබට පුළුවන් වෙනවා බෙලියත්තෙන් රුහුණු කුමාරි නැග්ගොත් පානදුරෙන් බැහැලා විදුලි දුම්රියෙන් යන්න. අපි ඒ සැලැස්ම හදනවනේ. අපි ලබන අවුරුද්ද වෙනකොට පටන් ගන්නවා. ඇයි මිනිස්සුන්ට හොඳ ප්‍රවාහනයක් ඕනේ නැද්ද? ලෝකයේ තියෙන හොඳ දේවල් ගෙනත් දෙන්න ඕනේ නැද්ද? ගෙනත් දෙන්න ඕනේ. ඒගොල්ලෝ විතරද යන්න ඕනේ?

අපි හයිවේ හදනවනේ. අවුරුදු ගානක් තිස්සේ නුවරට යන්න විදියක් නැහැ. කටුනායක මීරිගම... ඒ පාරේ ඉතුරු ටික හැදුවේ නැහැ. අන්න අපි හදන්න පටන් ගත්තා. මේ අවුරුද්දේ අපිට ගොඩක් දේවල් අවසන් කරගන්න පුළුවන්. මෙහෙ ඉඳලා පැයක් යනවා නම් කටුනායක ඉඳලා මීරිගමට යන්න පැය දෙකක් විතර ඉන්නවා, අර පොඩි ප්‍රමාණය. අපි හදන්න පටන් ගත්තා.අපේ රටේ ජනතාවගේ බදු සල්ලි එක සත පහක් ණයට ගත්තේ නැහැ, රුපියල් බිලියන 112ක් කුරුණෑගල ගලගෙදර අධිවේගී මාර්ගය දැන් වැඩ ආරම්භ කරලා තිබෙනවා. පටන් ගත්තා. කවුද වැඩ කරන්නේ නැහැ කියන්නේ? ඇයි මේවා වැඩ නෙමෙයිද? ඒවාත් වැඩ!"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana