
මහනුවර දළඳා පෙරහැර වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට පරුෂ වචනයෙන් බැනවැදී කලහාකාරී ලෙස හැසිරී නිලධාරීන්ගේ රාජකාරියට බාධාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (23) පෙරවරුවේ මෙම පුද්ගලයා මාළිගා භූමියට ඇතුළුවන ප්‍රධාන පිවිසුම ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට මෙලෙස පරුෂ වචනයෙන් බැනවැදී ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.


















































