
මහ කන්නය කල් නොදමා කලින් ආරම්භ කර, ජලය යම් ප්‍රමාණයක් ඉතිරි කරගෙන 2027 වසරේ යල කන්නයත් මාර්තු 15 වැනිදා හෝ අප්‍රේල් මුල වනවිට ආරම්භ කළහොත් කන්න දෙකම කිසිදු ගැටලුවකින් තොරව සාර්ථක කරගත හැකි බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි.
"අද දෙරණ BIG FOCUS" වැඩසටහන එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මහවැලි පද්ධතියට අයත් ජලාශවල මේ වනවිට සියයට 54ක පමණ ජල ධාරිතාවක් පවතින අතර, එය සැලකිය යුතු මට්ටමක් බවද සංඛ්‍යා දතත්ත උපුටා දක්වමින් ඔහු සඳහන් කළේය.
එමෙන්ම වලව පද්ධතියේ ජල ධාරිතාව සියයට 57ක් පමණ වන බවද ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසීය.
ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වර්ෂාපතනය වැඩිවීමට ඉඩ ඇති නමුත්, දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ වියළි කලාපයට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන තත්ත්වයක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, පවතින ජල සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කරමින් මහ කන්නය කලින් ආරම්භ කර, යල කන්නයද නියමිත කාලයට පෙර ආරම්භ කිරීම තුළින් කන්න දෙකම සාර්ථකව පවත්වාගෙන යා හැකි බව ඔහු අවධාරණය කළේය.



















































