
පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයේ සාමකාමී විරෝධතාවලට සහභාගී වන ජනතාවට එරෙහිව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් වගවීමක් පැවැතිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පාකිස්තානයට අවධාරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම ප්‍රදේශයේ දැනට පවතින නොසන්සුන්කාරී තත්ත්වය මෙන්ම මහජන රැස්වීම් සහ අන්තර්ජාල පහසුකම් සීමා කිරීම පිළිබඳව දැඩි අවධානය යොමුවී ඇති බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මහලේකම්වරයාගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් පැවසුවේ ජනතාවට සාමකාමීව විරෝධතා දැක්වීමට ඇති අයිතිය තහවුරු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවය.
පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ දිනෙන් දින උග්‍රවන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් ඉකුත් මාසයේදීද සිය කණගාටුව පළ කර තිබුණි.





















































