
ලිබියාවේ, හවාරි ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ සිදුවු බෝම්බ පිපිරීමකින් ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාත්මක ලිබියානු ජාතික හමුදාවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හමුදා ප්‍රධානියාගේ මෝටර් රථය තුළ ඇටවු බෝම්බයක් මෙලෙස පුපුරායාමෙන් ඔහු මියගොස් ඇති බවයි.
කෙසේවෙතත් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් වගකීම භාරගෙන නොමැති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබේ.





















































