
උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබේ.
ඉන් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
හිමාචල් ප්‍රදේශ් අගනුවර වන ෂිම්ලා සිට කිලෝමීටර් 393ක් පමණ උතුරින් පිහිටි චම්බා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයක මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 18 දෙනෙකු පමණ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මේ අතර, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රාන්තයේ මාර්ග 185 ක් වසා දමා තිබේ.





















































