ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි

ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි

August 8, 2026   10:38 am

ධවල  මන්දිරයේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ ‘බෝල්රූම්‘ ශාලාවේ කටයුතු වහාම අත්හිටුවන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබේ.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය සදහන් කර තිබුණේ අමෙරිකානු ජනාධිපති යනු ධවල මන්ධිරයේ තාවකාලික පදිංචිකරුවෙකු මිස අයිතිකරු නොවන බවය. 

ධවල මන්ධිරයේ නැගෙනහිර කොටසේ ඉදි කිරීමට සැළසුම් කර තිබූ ‘බෝල්රූම්‘ ශාලාව සදහා ඩොලර් මිලියන 400ක වියදමක් ට්‍රම්ප් පරිපාලනය විසින් ඇස්තමේන්තුගත කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය වර්ග අඩි 90,000ක පමණ විශාලත්වයෙන් යුතුව ඉදි කිරීමට සැළසුම් කර තිබුණි.

කෙසේ වෙතත් අදාළ තීන්දුව සම්බන්ධයෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සදහා දින 14ක කාලයක් හිමි වන බව අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුවේ දැක් වේ.