
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරණය සඳහා පාකිස්තාන බලධාරීන් විසින් නව සීමා කිරීම් මාලාවක් පනවා ඇති බව පැවසෙයි.
මාධ්‍යවේදී සංගම්වල දැඩි විවේචනයට ලක්ව ඇති මෙම පියවර, රට තුළ මාධ්‍ය නිදහස තවදුරටත් අභියෝගයට ලක්කරන්නක් බව සඳහන් වෙයි.
නව උපදෙස් මාලාවට අනුව පාකිස්තාන ජාතිකයන් ඇතුළුව විදේශීය මාධ්‍ය ආයතන වෙනුවෙන් සේවය කරන ඕනෑම අයෙකුට ඉස්ලාමාබාද්, කරච්චි සහ ලාහෝර් යන නගරවලින් පිටත වෙනත් ඕනෑම ප්‍රදේශයක සිට වාර්තාකරණයේ නිරත වීමට නම් පූර්ව අවසර ලබා ගැනීම අනිවාර්ය කර ඇත.
ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180 ක් අතරින් දැනට 153 වන ස්ථානයේ පසුවන පාකිස්තානයේ බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් විදේශීය මාධ්‍ය සිදුකරන ක්ෂේත්‍ර වාර්තාකරණය, මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම බලධාරීන්ගේ අභිමතය සහ කාලරාමුව මත තීරණය වනු ඇත.
පාකිස්තානය තුළ මාධ්‍ය වෙත සීමා පැනවීම අලුත් දෙයක් නොවන නමුත්, ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලට වඩා දේශීය මාධ්‍ය වෙත එල්ල වන බලපෑම සාපේක්ෂව ඉහළය.
කෙසේ වෙතත් මෙම මාර්ගෝපදේශ මාධ්‍ය සීමා කිරීම සඳහා නොව, මාධ්‍යවේදීන් තහවුරු කරගැනීම, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සහ වාර්තාකරණ අවශ්‍යතා සම්බන්ධීකරණය සඳහා වන "පරිපාලනමය යාන්ත්‍රණයක්" සැපයීම සඳහා පමණක් නිකුත් කළ එකක් බව පාකිස්තාන රජය ප්‍රකාශ කරයි.





















































