header logo
SLIC
සයුරෙන් එතෙර
අමෙරිකාව යළි පහර දුන්නොත් ගල්ෆ් කලාපයටම ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් තර්ජන
Aug 06, 202604:26 PM
අමෙරිකාව යළි පහර දුන්නොත් ගල්ෆ් කලාපයටම ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් තර්ජන
EDEX

තම රට වෙත යළිත් අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන බව ඉරානය පවසා තිබේ.

දෙපාර්ශවය අතර රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර දියත්කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් වශයෙන් ඉරානය මේ බව පවසා ඇති බව සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් ගල්ෆ් කලාපයේ රටවලට ඉහළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැනුවත්කිරීමට ඉරානය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව, අමෙරිකාව විසින් තම රටේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර දියත් කළ හොත් එය මහා පරිමාණ යුද්ධයක් කරා කලාපය රැගෙන යනු ඇති බව ඉරානය පෙන්වා දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight