header logo
SLIC
සයුරෙන් එතෙර
සජීවි විකාශයක් අතරතුරදී TikTok තරුවක් වෙඩි තබා ඝාතනය කෙරේ
Aug 06, 202610:13 AM
සජීවි විකාශයක් අතරතුරදී TikTok තරුවක් වෙඩි තබා ඝාතනය කෙරේ
EDEX

සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදු කරමින් සිටි ජනප්‍රිය මෙක්සිකානු සාමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකුවන (influencer) සෙසාර් ගාස්ටෙලුම් වෙඩි තබා ඝාතනය කර තිබේ.

TikTok වේදිකාව තුළ ලක්ෂයකට අධික අනුගාමිකයන් පිරිසක් සිටි ගාස්ටෙලුම් ප්‍රධාන වශයෙන් ප්‍රහසන (comedy) වීඩියෝ නිර්මාණය කරමින් ජනප්‍රිය වූවෙකි.

අවන්හලක් ඉදිරිපිට මිතුරන් දෙදෙනෙකු සමඟ වීඩියෝ ගත කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුව ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඔහු අසලට පැමිණ, ඉන් එක් අයකු විසින් ඉතා ළඟ සිට ඔහුට වෙඩි තබා ඇති බව සඳහන් වේ.

මීට පෙරද මෙක්සිකෝවේ මෙවැනි වෙඩි තැබීම් සිදුකර ඇති බව සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight