header logo
SLIC
සයුරෙන් එතෙර
ෂෙයික් හසීනා දෙසැම්බරයේ යළි බංග්ලාදේශයට?
Aug 05, 202611:23 PM
ෂෙයික් හසීනා දෙසැම්බරයේ යළි බංග්ලාදේශයට?
EDEX

ඉන්දියාවේ රැකවරණ ලබන බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා එළැඹෙන දෙසැම්බර් මාසයේදී යළි සිය රට බලා යන බව අද (5) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

නවදිල්ලියේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව පවසා ඇත.

තමන් නැවත පැමිණියහොත් අත්අඩංගුවට පත්වීමට හෝ ජීවිත තර්ජනවලට මුහුණදීමට සිදුවනු ඇතැයි බරපතළ අවදානමක් පවතින පසුබිමක ඇය විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කිරීම විශේෂත්වයකි.

මීට පෙරද සිය රටට යන බව ඇය සඳහන් කළත්, ඒ සඳහා නිශ්චිත කාලවකවානුවක් ප්‍රකාශ කර නොතිබුණි.

වසර 15ක ඇගේ පාලන කාලයට එරෙහිව සිසුන් ප්‍රමුඛ ජනතාව මෙහෙයවූ දැවැන්ත විරෝධතා හමුවේ, 78 වැනි වියේ පසුවන හසීනා 2024 අගෝස්තු මාසයේදී ඉන්දියාවට පලා ආවාය. ඉන් අනතුරුව ඇය ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැත.

මාධ්‍ය හමුව අමතමින් අදහස් දැක්වූ හිටපු අගමැතිනිය, "පසුගිය කාලය පුරා මගේ ආදරණීය බංග්ලාදේශය දුක් විඳින ආකාරය මම දුටුවෙමි. මෙය අප ගොඩනඟන ලද බංග්ලාදේශය නොවේ. 1971 දී මිලියන 3ක ජනතාවක් ජීවිත පූජා කළ බංග්ලාදේශයද මෙය නොවේ" යනුවෙන් වැඩිදුරටත් පැවසුවාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight