header logo
SLIC
සයුරෙන් එතෙර
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
Aug 03, 202607:48 AM
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
EDEX

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ වැටී තිබේ.

ඒ අනුව අමෙරිකානු බොරතෙල් මිල 5%කින් පහත වැටී බැරලයක් ඩොලර් 80.79ක් ලෙස සටහන්ව ඇත.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිල ද 5% කින් පහත වැටී බැරලයක් ඩොලර් 83.87ක් දක්වා පහළ ගොස් තිබේ.

සටන් අවසන් කිරීම සඳහා වන එකඟතාවයට පැමිණීමට නියමිත බවත් ඒ හේතුවෙන් ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නතර කරන ලෙස නියෝග කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම මෙලෙස මිල අඩුවීමට හේතු වී ඇත.

පසුගිය පෙබරවාරි අගභාගයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ තෙල් මිල දැඩි ලෙස උච්චාවචනය වෙමින් පැවති අතර කිහිප වතාවක්ම තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියේය.

මෙම ගැටුම දිගින් දිගටම පැවතීම හේතුවෙන් ඉහළ ගිය තෙල් මිල, ගැසොලින්, ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් මඟින් ප්‍රවාහනය කරනු ලබන අනෙකුත් බොහෝ නිෂ්පාදනවල පිරිවැය කෙරෙහි ද බලපෑවේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight