header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
Jul 21, 202602:43 PM
බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
Mobitel 1278

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීම සම්බන්ධයෙන් වු නඩුවට දෙවෙනි වරටත් පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා පැනවූ වරෙන්තු අද (21) නැවතත් දීර්ඝ කර තිබේ.

තවද සැකකාර හිටපු අමාත්‍යවරයාගේ ඇපකරුවන් සිව්දෙනාට අවවාද කළ මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරවන ලෙසත් එසේ නොවන්නේ නම් ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන්නැයි ඇපකරුවන්ට මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස අවවාද කර ඇත.

මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ අද (21) මෙම නඩුව කැදවූ අවස්ථාවේ දී මෙම නියෝග ලබා දී තිබේ.

ඒ අනුව මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් සමග පැමිණිල්ල වෙනුවෙන් ඉදීරීපත් වු නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ජනාධිපති නීතිඥ නාලක කොතලාවල මහතා මෙලෙස පවසා තිිබේ,

“ස්වාමිණී,මෙම නඩුවේ තුන්වන සැකකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිගින් දිගටම අධිකරණය මග හරිමින් සිටිනවා. දැන දැනම තමයි ඔහු මේ ආකාරයට අධිකරණය මග හරිමින් සිටින්නේ. එවැනි අයකුට වරෙන්තු දීර්ඝ කිරීමේ හැකියාවක් මෙම ගරු අධිකරණයට තිබෙනවා. අදත් වෛද්‍ය වාර්තා ඉදිරීපත් කරමින් මේ නඩුවට පෙනී සිටීම මග හරිනවා. ඒ නිසා ඔහුට දුන් වරෙන්තු දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිනවා.”

මෙහිදී සැකකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා තම සේවා දායකයා වෙනුවෙන් වෛද්‍ය වාර්තා ඉදිරීපත් කරමින් මෙසේ කීය,

“ස්වාමීනි මාගේ සේවාදායකයාට අධිකරණය මගහැර සිටීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් යහපත් නෑ. විදේශගතව ප්‍රතිකාර ලබන නිසා අද ගරු අධිකරණයට පැමිණීමට නොහැකියි. සෞඛ්‍ය තත්ත්වය යහපත් වු විගස ඔහු මෙම නඩුවට පෙනී සිටීමට කැමැත්තෙන් ඉන්නේ. ඒ නිසා මගේ සේවා දායකයාට නිකුත් කර ඇති වරෙන්තු ඉවත් කරන්නැයි මා ඉල්ලා සිටිනවා ස්වාමීනී.”

එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැවසුවේ,
"තුන්වන විත්තිකරු මෙම අධිකරණයේ පෙනී නොසිට වරෙන්තු අවලංගු කරන්න මෙම ගරු අධිකරණයට බලයක් නෑ...." යනුවෙනි.

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් එම කරුණු දැක්වීමට දැඩි විරෝධතාවක් එල්ල කරමින් කතා කර තිබේ.

ඒ අනුව දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගත් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා මෙම නඩුව ආරම්භ වී වසර 11 ක් ගත වී ඇති බවත් තෙවැනි සැකකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධීකරණයේ පෙනී නොසිටීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුව දෙවන වරටත් අගෝස්තු මස 18 වනදා දක්වා දීර්ඝ කළේය.

ඊට අමතරව එදිනට ලිඛිත දේශන සදහා සැකකරුගේ වෛද්‍ය වාර්තා සියල්ලම ඉදිරිපත් කරන්නැයි විත්තියේ නීතිඥයින්ට නියෝග කළේය.

සැකකාර බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරන සමයේ මෙම ඉඩම් ගණුදෙනුව සිදුව තිබේ.

ඔහුගේ මස්සිනා වන පශූ වෛද්‍ය තිස්ස ගලප්පත්ති හා නෑනා වන අයෝමි පුණ්‍ය කාන්ති ගලප්පත්ති යන දෙදෙනාගේ නාරාහේන්පිට පෞද්ගලික බැංකුවක වු බද්ධ ගිණුමට සිංගප්පූරුවේ ඊගල් ගෲප් ඇසෝසියේටඩ් ආයතනයෙන් හා හොංකොං හී වර්ඩ් ඩයමන් ආයතනයෙන් ලැබී තිබු මුදල් වලින් ඔවුන් විසින් එම ඉඩම මිලට ගෙන ඇති බවය ඉකුත් නඩු වාරයේදී කියැවුණි.

ඒ ඉඩමේ හිමිකරු වු ජර්මන් ජාතික හර්බට් කෙලර් යන අයට මුදල් ගෙවීමට අයතා අනදමින් උපයා ගත් මුදල යොදවා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යන "මාතර ම/උ බී.ආර් 2490/2025" යන නඩුකරයේදීය.

ඒ මෙම ප්‍රස්තෘත ඉඩමට වැය කළ මුදල් උපයා ගත් ආකාරය ප්‍රශ්න සහගත වීම නිසා මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙම නඩුව පවරා තිබෙන පසුබිමකය.

බැසිල් රාජපක්ෂ මහතා තුන්වෙනි විත්තිකරු, ප්‍රධාන එක හා දෙක විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා ප්‍රධාන නීතිඥවරයා සහ තවත් නවදෙනෙකු අදත් පෙනී සිට තිබේ.

පළවෙනි හා දෙවෙනි සැකකරුවන් අදත් අධිකරණයේ පෙනී සිට ඇත.

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..