header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා
May 06, 202607:30 PM
තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා
Mobitel 1278

මෙරට තැපැල් දෙපාර්තමේන්තුව අමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට (US Post) ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,000කට අධික මුදලක් අවස්ථා 2කදී තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (6) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ, ව්‍යාජ ඊමේල් 03කින් ලද තොරතුරවලට අදාළව තැපැල් දෙපාර්තමේන්තුවේ මෙම මුදල් බැහැර කිරීම් සිදුකර ඇති බවය.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද මුල්වරට කරුණු වාර්තාකළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෙම කරුණු දැක්වීම සිදු කළේය.

එහිදී අධිකරණයට කරුණු වාර්තා කරමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ, තැපැල් දෙපාර්තමේන්තුව විසින් 'US POST' හෙවත් අමෙරිකානු තැපැල් සේවයට සිදුකරන ලද ගෙවීමකට අදාළ මුදලක් එම දෙපාර්තමේන්තුවට නොලැබීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවය.

ගෝලීය මට්ටමේ තැපැල් කටයුතු සිදුකිරීමේදී ගෙවීම් සිදුකිරීමට අදාළ නිල ඊමේල් සහ ගිණුම් තොරතුරු සපයන්නේ 'Universal Postal Union' හෙවත් විශ්ව තැපැල් සංගමය විසින් බවත්, මෙම ප්‍රශ්නගත ගෙවීමේදී ඔවුන් ලබාදුන් ඊමේල් ලිපිනයට පරිබාහිර වෙනත් ඊමේල් ලිපිනයක් සමග පණිවිඩ හුවමාරු වී ඇති බවත් විමර්ශන නිලධාරින් සඳහන් කළේය.

ඒ අනුව අමෙරිකානු තැපැල් සේවයට සිදුකළ යුතු ගෙවීමක් ලැබී නොමැති බව දන්වමින් 2023 වසරේ ජුනි මස සිට වෙනත් ඊමේල් පණිවුඩ 9ක් ලැබී ඇති අතර, ඉන් 03කට තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වා ඇති බව විමර්ශන නිලධාරියා මෙහිදී පැවසීය.

එහිදී 2025 පෙබරවාරි 19 වනදා අමෙරිකානු ඩොලර් 435,864ක්, 2025 ඔක්තෝබර් 16 අමෙරිකානු ඩොලර් 190,891ක් ලෙස අවස්ථා දෙකකදී අමෙරිකානු ඩොලර් 626,755ක මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇති බව විමර්ශන නිලධාරියා මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළේය.

මෙහිදී කොටුව මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ, අදාළ මුදල කුමන පාර්ශවයක් වෙත ගියේ දැයි මේ වනවිට අනාවරණය වී ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියා කියා සිටියේ, එම මුදල ලද නිශ්චිත පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

අදාළ සිදුවීමේදී අපරාධමය වරදක් සිදුවී ඇති බව අනාවරණය වන්නේදැයි මහෙස්ත්‍රාත්වරයා යළි ප්‍රශ්න කළේය.

එහිදී විමර්ශන නිලධාරියා කියා සිටියේ, දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක අපරාධ පනත සහ පොදු දේපොළ පනත ප්‍රකාරව වැරදි සිදුවී ඇතැයි දැනට අනාවරණය වී ඇති බවය.

ඊට අදාළව සැකකරුවන් හඳුනාගෙන ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා විමසූ විට, දැනට සැකකරුවන් හඳුනාගෙන නොමැති බවට විමර්ශන නිලධාරියා පිළිතුරු දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් පද්ධතිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට අවසර ලබාදුන්නේය.

නඩුව යළි ජුලි 22 වනදා කැඳවීමට නියමිතය.

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..