header logo
Vallibel FD
උණුසුම් පුවත්
රු.කෝටි 400ක හෙරොයින් බෝට්ටුවෙන් ප්‍රවාහනය කර ඇත්තේ රු.කෝටි 20ක කොන්ත්‍රාත්තුවකට
Apr 17, 202608:52 PM
රු.කෝටි 400ක හෙරොයින් බෝට්ටුවෙන් ප්‍රවාහනය කර ඇත්තේ රු.කෝටි 20ක කොන්ත්‍රාත්තුවකට
Mobitel 1278

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක් අද (17) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආවේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ එහි තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 400කට අධික බවය.

රුපියල් කෝටි 20ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බව අත්අඩංගුවට ගැනුණු බෝට්ටුවේ ස්කිපර්වරයා සහ ධීවරයින් තිදෙනා ආරක්ෂක අංශ වෙත අනාවරණ කර තිබේ.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව දිවයිනට දකුණු දෙසින් මුහුදු සැතපුම් 400ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී පසුගිය 13 වැනිදා මෙම ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන තිබුණි.

දෙනුවන් පුතා නම් අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එහි තිබී මත්ද්‍රව්‍ය බහාලු උර 6ක් සොයාගැනුණි.

ඒ අනුව අදාළ ධීවර යාත්‍රාව අද අලුයම දික්ඕවිට ධීවර වරායට රැගෙන ආවේය.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී උර හයෙහි තිබී කිලෝග්‍රෑම් 150කට අධික බරකින් යුත් හෙරොයින් තොගයක් සොයාගැනුණු අතර එහි වීථි වටිනාකම රුපියල් කෝටි 400කට අධිකය.

විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පොල්අතුමෝදර සරත් නැමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ඒම සම්බන්ධීකරණය කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

ඒ සඳහා ඔහු විසින් යාත්‍රාවේ සිටි ස්කිපර්වරයා ඇතුළු ධීවරයන් සිව්දෙනාට රුපියල් කෝටි 20ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවත්, අත්තිකාරම් ලෙස ස්කිපර්වරයාට රුපියල් ලක්ෂ 20ක්, තවත් ධීවරයෙකු වූ පොල්අතුමෝදර සරත් නැමැත්තාගේ මුණුපුරාට රුපියල් ලක්ෂ 5ක් සහ සෙසු ධීවරයන් දෙදෙනාට රුපියල් ලක්ෂ 2ක් සහ රුපියල් පනස්දහසක මුදලකුත් ලබාදී ඇතැයිද විමර්ශනවලදී හෙළිවී තිබේ.

සැකකරුවන් විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, ඉරාන නෞකාවකින් මෙම මත්ද්‍රව්‍ය ලබාගත් අතර නාවික හමුදාව සිය යාත්‍රාව ආසන්නයට පැමිණීමේදී තමන් සතු සැටලයිට් ජංගම දුරකථන දෙකක් මුහුදට විසිකළ බවය.

එමෙන්ම නාවික හමුදාවට හසුවුවහොත් අදාළ මත්ද්‍රව්‍ය තොගය මුහුදට දැමීම සඳහා ඒවායේ ලුණු කොට්ට බැඳ සකසා තිබී ඇති අතර, නාවික හමුදාව ක්ෂණයෙන් ක්‍රියාත්මකවීම හේතුවෙන් එම උත්සහාය ව්‍යාර්ථ වී තිබේ.

ඉකුත් 31 වැනිදා දකුණු පළාතෙන් දියඹට ගිය අදාළ ධීවර යාත්‍රාව ඊට දින කිහිපයකට ඉහතදී 'බඩා බේබි' නැමැත්තෙකුගේ නමින් රුපියල් ලක්ෂ 40කට මිලදී ගෙන ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය තොගය කුඩු සළිඳු හෝ රන් මල්ලි නමැති මත් ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් අයෙක් පොල්අතුමෝදර සරත් නැමැත්තා හරහා මෙරටට එවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්