header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් කිහිපදෙනෙක් ගැන අනාවරණයක්
Apr 16, 202608:35 PM
මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් කිහිපදෙනෙක් ගැන අනාවරණයක්
Mobitel 1278

ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එම රටවල ආරක්ෂක අංශ දියත්කර ඇති විශේෂ මෙහෙයුම්වලදී ශ්‍රී ලාංකික අපරාධකරුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ එලෙස අත්අඩංගුවට ගන්නා ශ්‍රී ලාංකික අපරාධකරුවන් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.

මෙරට තුළ සිදුවන බහුතරයක් අපරාධ ක්‍රියාවන් ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල සැඟවී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් විසින් මෙහෙයනවන බවට ආරක්ෂක අංශ අනාවරණ කරගෙන තිබේ.

ඔවුන් ඉරානයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සෘජු සබඳතා පවත්වමින් මෙරටට මත්ද්‍රව්‍ය එවන බව පසුගිය කාලයේ සිදුකළ වැටලීම්වලදී හෙළිවිය.

ඒ අනුව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන්ට විරුද්ධව රතු වරෙන්තු නිකුත් කර තිබුණ ද අදාළ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට එම රටවල බලධාරීන් පසුගිය කාලය පුරා කටයුතු කර තිබුණේ නැත.

කෙසේවෙතත් මේ වනවිට ඉරානය මැදපෙරදිග කලාපයේ රටවල් වලට ප්‍රහාර එල්ල කිරීමත් සමග එම රටවල් ඉරානයේ අපරාධකරුවන් සමග සබඳතා පවත්වන පිරිස් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව මෙරට අපරාධකරුවන් රැසක් මේවන විටත් මැදපෙරදිග රටවල් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අතර බටුවත්තේ චාමර, මෝදර නිපුන, පරෙවි සුදා ඇතුළු අපරාධකරුවන් රැසක් සිටින බවට වාර්තාවුවත් ඒ බව මෙතෙක් නිලවශයෙන් තහවුරු වී නැත.

ඒ අනුව ඒ පිළිබඳව නිලවශයෙන් තමන් දැනුම්වත් කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මැදපෙරදිග රටවලින් ඉල්ලීම් කිහිපයක්ම සිදුකර තිබේ.

මෙලෙස සිදුවන අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් මේ වනවිට අපරාධකරුවන් රැසක් මැදපෙරදිගින් යුරෝපා රටවලට පලායෑමට උත්සාහ දරන බවද වාර්තා වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන රාජු නැමැත්තාව ද ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහු හෙට (17) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

මේ අතර කරන්දෙණියේ සුද්දා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ 30 හැවිරිදි කාන්තාවක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණි.

ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 35ක මුදලක් හා රත්‍රං ග්‍රෑම් 99කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසුවේය.

ඇයගේ සැමියාවද කරන්දෙණියේ සුද්දා විසින් ඝාතනය කර ඇති අතර අනතුරුව ඇය ඔහු සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවද වාර්තා වේ.

අදාළ කාන්තාව කරන්දෙණිය සුද්දා සමග වීඩියෝ ඇමතුමක් ලබාගන්නා ඡායාරූපයක් ද හඳුනාගෙන ඇත.

ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇයගේ මව හා සහෝදරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතා විසින් සිදුකරයි.

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..