මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යළි රිමාන්ඩ්
April 10, 2026 11:44 am
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා තවදුරටත් රක්ෂිත බන්ධාගාර ගතකර තිබේ.
සැකකරු අද (10) දින කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත්කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත.
ඒ අනුව ඔහුව එළැඹෙන 20වනදා දක්වා යළි රක්ෂිත බන්ධාගාර ගතකර තිබේ.
නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකරන ලදී.
