header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
ඊළඟ ඉලක්කය අඟහරු ද ?
Apr 02, 202610:36 AM
ඊළඟ ඉලක්කය අඟහරු ද ?
Mobitel 1278

අභ්‍යවකාශ ගවේෂණයේ නව පිටුවක් පෙරළමින්, 2028 වසරේදී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම අභ්‍යවකාශ යානය අඟහරු වෙත යැවීමට නාසා ආයතනය තීරණය කර ඇත.

මෙම මෙහෙයුම "Space Reactor 1 (SR-1) Freedom" ලෙස නම් කර තිබේ.

දශක ගණනාවක පර්යේෂණවලින් පසු, අමෙරිකාව ප්‍රථම වරට අභ්‍යවකාශ යානයක් පදවාගෙන යාම සඳහා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් (Nuclear Electric Propulsion)භාවිතා කරනු ඇත.

මෙහිදී කිලෝවොට් 20ක විදුලි බලයක් නිපදවිය හැකි කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් භාවිතා කරන බව සඳහන් වේ.

අදාළ යානය අඟහරු වෙත ළඟා වූ පසු, "SkyFall" නමැති විද්‍යාත්මක මෙහෙයුම යටතේ හෙලිකොප්ටර් යානා තුනක් අඟහරු මතුපිටට මුදා හරිනු ඇති බවද සඳහන් වේ.

මෙම හෙලිකොප්ටර් මගින් අනාගතයේදී මිනිසුන් ගොඩබැසීමට සුදුසු ස්ථාන සහ භූගතව පවතින අයිස් ජලය පිළිබඳව ගවේෂණය කරනු ඇත.

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වසරේදී සඳ මත බලශක්තිය නිපදවීම සඳහා "Lunar Reactor 1" මෙහෙයුම දියත් කිරීමටත්, 2030 දශකය තුළදී මෙගාවොට් මට්ටමේ බලයක් නිපදවිය හැකි දැවැන්ත න්‍යෂ්ටික පද්ධති නිර්මාණය කිරීමටත් නාසා ආයතනය අපේක්ෂා කරයි.

src=

නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් මහතා ප්‍රකාශ කළේ, "දශක ගණනාවක් තිස්සේ පෘථිවියෙන් බැහැර නොවූ සංකල්ප සඳහා ඩොලර් මිලියන ගණනක් වැය කිරීමෙන් පසු, අමෙරිකාව අවසානයේ අභ්‍යවකාශයේදී න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීමට පියවර ගන්නා" බවයි.

මෙම මෙහෙයුම අඟහරු වෙත මිනිසුන් යැවීමේ නාසා හි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

* නාසා ආයතනයේ නවතම මෙහෙයුම....

නාසා ආයතනය සිය Artemis II මෙහෙයුම හරහා ගගනගාමීන් සිව්දෙනෙකු සඳ වෙත ගමන් කිරීම අද (02) ආරම්භ කළේය.

මෙය සඳ මත ගොඩබැසීමට සහ අනාගතයේදී එහි ස්ථිර පදනමක් පිහිටුවීමට මඟ පාදන තීරණාත්මක පියවරකි.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 93ක පමණ මුදලක් වැය වී ඇති බව ගණන් බලා ඇති බව සඳහන් වේ.

මීට වසර 54කට පෙර 'ඇපලෝ' මෙහෙයුම් හරහා සඳ ජයගෙන තිබියදීත්, අමෙරිකාව නැවතත් මෙතරම් මුදලක් සහ ශ්‍රමයක් සඳ වෙත යොමු කරන්නේ ඇයි? ඒ පිටුපස ඇති ප්‍රධාන හේතු කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

1. සඳ මත ඇති වටිනා සම්පත්

සඳ යනු හුදෙක් දූවිලි සහිත පාළු ස්ථානයක් නොවන බව විද්‍යාඥයෝ පවසති. පෘථිවියේ ඉතා දුර්ලභ මෙන්ම superconducter සහ වෛද්‍ය උපකරණ සඳහා භාවිත වන හීලියම් (Helium), යකඩ සහ ටයිටේනියම් වැනි ලෝහ සඳ මත බහුලව පවතී.

2. ජලය සොයා ගැනීම

මෙම මෙහෙයුමේ ප්‍රධානතම ඉලක්කය වන්නේ සඳෙහි ධ්‍රැව ප්‍රදේශවල අයිස් ලෙස පවතින ජලයයි. මෙම ජලය පානීය අවශ්‍යතා සඳහා පමණක් නොව, එය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ලෙස වෙන් කිරීමෙන් ගගනගාමීන්ට හුස්ම ගැනීමට අවශ්‍ය වාතය සහ අභ්‍යවකාශ යානා සඳහා අවශ්‍ය ඉන්ධන නිපදවා ගැනීමට ද හැකියාව ලැබේ.

src=https://media.adaderanasinhala.lk/1775107839-8.jpg

3. අභ්‍යවකාශ ආධිපත්‍යය සඳහා තරගය

1960 දශකයේදී අමෙරිකාව සෝවියට් සංගමය සමඟ තරග කළ අතර, මෙවර ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වී ඇත්තේ චීනයයි. චීනය 2030 වන විට මිනිසුන් සඳ වෙත යැවීමට සැලසුම් කර ඇති බැවින්, සඳෙහි සම්පත් බහුල ප්‍රදේශවල බලය තහවුරු කර ගැනීමට අමෙරිකාව උත්සාහ කරයි. එක්සත් ජාතීන්ගේ ගිවිසුම් අනුව සඳෙහි අයිතිය කිසිදු රටකට හිමි කර ගත නොහැකි වුවද, එහි මුලින්ම පදිංචි වන පාර්ශවයට එම සම්පත් පරිහරණය කිරීමේ වැඩි වාසියක් හිමි වේ.

4. අඟහරු වෙත යන මාවත

නාසා හි අවසන් ඉලක්කය වන්නේ 2030 දශකය වන විට මිනිසුන් අඟහරු ලොව වෙත යැවීමයි. අඟහරු වැනි දුරස්ථ ග්‍රහලෝකයක ජීවත් වීමට අවශ්‍ය තාක්ෂණය එනම් නිවාස තැනීම, විකිරණවලින් ආරක්ෂා වීම සහ බලශක්තිය නිපදවීම මුලින්ම පරීක්ෂා කර බැලීමට ඇති ආරක්ෂිතම සහ ලාභදායී 'පරීක්ෂණාගාරය' වන්නේ සඳයි.

5. පෘථිවියේ ඉතිහාසය හෙළි කර ගැනීම

සඳ නිර්මාණය වී ඇත්තේ මීට වසර බිලියන 4.5කට පෙර පෘථිවියේ කොටසක් වෙන් වීමෙන් බව විශ්වාස කෙරේ. සඳ මත සුළඟ හෝ වැස්ස නොමැති බැවින්, එහි ඇති පාෂාණ පෘථිවියේ සහ සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය පිළිබඳ තොරතුරු රැගත් "කාල කැප්සියුලයක්" වැනි යැයි විද්‍යාඥයෝ පවසති.

මෙම ආටිමිස් II මෙහෙයුම මගින් නව රැකියා උත්පාදනය මෙන්ම විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව නව පරපුර උනන්දු කරවීමට ද අපේක්ෂා කෙරේ.

ලෝක අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තබමින් අභ්‍යවකාශයට ගිය ප්‍රථම බ්‍රිතාන්‍ය ජාතිකයා වූ රසායන විද්‍යාඥවරියක සහ ගගනගාමියෙකු වන හෙලන් ෂර්මන් මහත්මිය පවසා ඇත්තේ "අපි හැමෝම එකතු වුණොත් මනුෂ්‍ය වර්ගයාට කළ හැකි දේ මෙයින් ලොවටම පෙන්වා දෙනවා," යනුවෙනි.

MostRead
Mobitel 1278
VideoStories
තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට  වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්