header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රන් ආභරණ ගන්න මිනියක් ගොඩදැමූ කනත්තේ සේවකයා
Mar 23, 202606:09 PM
රන් ආභරණ ගන්න මිනියක් ගොඩදැමූ කනත්තේ සේවකයා
Mobitel 1278

සුසාන භූමියක් හාරා මෘත දේහයකට පළඳා තිබූ රන් භාණ්ඩ ලබාගැනීමට උත්සාහ දැරූ පුවතක් මොරටුව මහනගර සභා බල ප්‍රදේශයෙන් වාර්තාවේ.

සුසානය භාර මුරකරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති අතර මොරටුව පොලිසිය විසින් පළාගිය එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව රාවතාවත්ත ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 73ක කාන්තාවක් මියගොස් තිබුණේ පසුගිය 15 වෙනිදාය.

ඇගේ සත් දින දානය යෙදී තිබුණු ඊයේ (22) ඇගේ දියණිය, රාවතාවත්ත "සුසන් අරම" වෙත යන්නේ සිය මවගේ සුසානයට ඉටිපන්දම් දල්වා ගෞරව දැක්වීම සඳහාය.

එලෙස පස්වරුවේ සුසානය වෙත ගිය දියණිය වික්ෂිප්ත වූයේ කිසියම් පුද්ගලයින් තිදෙනෙකු තම මවගේ සොහොන හාරමින් සිටුණු දැකීමෙනි.

දියණිය ඇතුළු එහි පැමිණි පිරිසගේ කෑගැසීමෙන් කලබලයට පත් සොහොන හාරමින් සිටි පිරිස තමන්ට වැඩ වැරදුණු බව පවසමින් සුසාන භූමියේ තාප්පයෙන් පැන පලාගොස් තිබේ.

සිදුවීම පිළිබඳව මියගිය කාන්තාවගේ දියණිය මොරටුව පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළිවී ඇත්තේ ඔහු එම සුසාන භූමියේ මුරකරු ලෙස කටයුතු කරන බවත් තවත් පුද්ගලයින් දෙදෙනෙකුද සමග දේහයේ තිබූ රන් ආභරණ ගැනීම සඳහා මෙලෙස මිනී වල හෑරූ බවය.

ඊයේ (22) මෙම මිනී වළ හෑරීම සඳහා මුරකරු ඇතුළු මොරටුව මහ නගර සභාවේ සුසාන භූමියේ වලවල් හාරන පුද්ගලයින් දෙදෙනා මත්පැන් බෝතලයක් ගෙන එය පානය කිරීමෙන් පසු මෙම කටයුත්ත සිදු කර තිබේ.

ඔවුන් එම මිනී වළ හෑරීම සඳහා ඊයේ (22) දිනය යොදාගෙන ඇත්තේ මියගිය කාන්තාව මීට දින අටකට පෙර මියගියා යයි සිතා වැරදීමකින් බවයි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවී ඇත.

කෙසේ වෙතත් දේහයට පළඳා තිබූ ආභරණ සියල්ල රන් ආලේපිත ව්‍යාජ ආභරණ බව දියණිය විසින් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

පොලිසිය පැවසුවේ රන් ආභරණ ගැනීම සඳහාද නැතහොත් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මිනී පෙට්ටිය ගැනීම සඳහා මෙම සිදුවීම සිදු කළේද යන්න පරීක්ෂණයක් සිදු කරන බවය.
මොවුන් මෙම ක්‍රියාව දීර්ඝ කාලයක් පුරා සිදුකරගෙන ගිය බවට පොලිසිය සැක කරන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පලා ගිය සෙසු සැකකරුවන් දෙදෙනා සොයා විමර්ශන ක්‍රියාත්මකය.

MostRead
Mobitel 1278
VideoStories
තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට  වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්