මහජන හදිසි තත්ත්වය යළිත් දීර්ඝ කිරීමට රජයේ අවධානය 

මහජන හදිසි තත්ත්වය යළිත් දීර්ඝ කිරීමට රජයේ අවධානය 

March 2, 2026   01:09 pm

මහජන හදිසි තත්ත්වය යළිත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුකදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

ඒ සඳහා අවශ්‍ය යෝජනාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. 

ප්‍රශ්නය - පෙබරවාරි 28වෙනිදායින් පස්සේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ කටයුතු සිදුවුණේ නැහැ. ඒ එක්කම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාගේ කටයුතුත් අහෝසි වුණා. මෙවැනි තත්ත්වයක් එක්ක හදිසි නීතිය දීර්ඝ කිරීම ගැන අවධානය යොමු වෙලා තියෙනවා ද.?

නලින්ද ජයතිස්ස - අනිවාර්යයෙන්ම.

ප්‍රශ්නය - දින තාම තීරණය කරලා නැද්ද කොහොමද.?

නලින්ද ජයතිස්ස - ඒ ගැන සලකා බලමින් ඉන්නවා. ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තමයි කල්පනා කරන්නේ. 

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරුණි. 

ඒ අනුව එම තත්ත්වය පසුගිය 28 වැනිදායින් අවසන් වූ අතර එය දීර්ඝ කිරීමක් සිදුවූයේ නැත. 

ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ කාර්යය ද අවසන්වී තිබේ. 

කෙසේවෙතත් මැදපෙරදිග යුද තත්ත්වයක් ඇතිවීමත් සමඟ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි බියට පත් වූ ජනතාව මේ වනවිට පෝළීම්වල අනවශ්‍ය රැඳි සිටින ආකාරයක් දැකීමට හැකිය.