header logo
SLIC
උණුසුම් පුවත්
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
Feb 16, 202607:25 AM
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
Mobitel 1278

හෙට (17) සිට ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අද දිනයේ සැහැල්ලු මනසකින් සිටීමට කටයුතු කළ යුතු බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.

අද රාත්‍රියේදී නිදි වර්ජිතව අධ්‍යයන කටයුතුවල නිරත වීම සුදුසු නොවන බවත්, ආගමික වතාවත්වල නිරත වෙමින් සිත සන්සුන් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙම කෙටි කාලසීමාව තුළ දී, මේ වන තෙක් අධ්‍යයනය කර නොමැති විෂය කරණු අධ්‍යයනය කිරීම සඳහා කාලය වැය කිරීමෙන් වැළකී සිටින ලෙස ද මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා අවධාරණය කර තිබේ.

දැනට අධ්‍යයනය කර ඇති විෂය මාලාවන් නැවත ආවර්ජනය කිරීම පමණක් සිදු කිරීම ප්‍රමාණවත් වන බව ද විභාගයට පෙනී සිටින සිසුන් වෙත වෛද්‍යවරයා දන්වා සිටී.

මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රශ්න පත්‍රය ලබා දීමෙන් පසු, පළවෙනි විනාඩි 5ක කාලය ඉතාමත් වැදගත් වන අතර එම කාලය තුළ මානසික පීඩනය ඉහළ යා හැකි බැවින් පළමු ප්‍රශ්නය සඳහා පිළිතුරු ලිවීමට උත්සාහ නොකරන ලෙසය.

ඒ වෙනුවට එම කාලය, ප්‍රශ්න පත්‍රය හොඳින් කියවා පහසුවෙන් පිළිතුරු ලිවිය හැකි ප්‍රශ්නයක් තෝරා ගැනීමට වැය කරන ලෙසද ඔහු දන්වා සිටී.

එසේ පහසු ප්‍රශ්නයක් තෝරා ගනිමින් පිළිතුරු ලිවීම ආරම්භ කිරීම, විභාගය සඳහා වඩාත් හොඳ ප්‍රවේශයක් වන බවද වෛද්‍යවරයා පෙන්වා දී ඇත.

ඒ මහතා සඳහන් කර සිටියේ මෙම ක්‍රමය අනුගමනය කිරීම හරහා සෘණාත්මක පීඩනය අඩු කර ධනාත්මක පීඩනයක් ඇති කරවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා,

''අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට කලින් පළවෙනි වැදගත්ම දේ තමා අධ්‍යයනය කරලා තියෙන පාඩම්වලට අමතරව අලුතින් පාඩම් කියවන්න උත්සාහ කරන්න එපා..කලින් කියවලා තියෙන පාඩම් නැවත අවර්ජනය කරන එක හොඳයි.. විභාගයේ දී ඔබේ මනස නිරවුල්ව පවත්වා ගැනීම සඳහා ගෙදරදී සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන්න..විභාගයට කලින් දවසේ නිදි මරාගෙන පාඩම් කරන එක සුදුසු දෙයක් නෙමේ... හෙට දිනයට අවශ්‍ය පෑන්, පැන්සල් ඔබ සූදානම් කරගන්න.. විභාගයට මුහුණ දෙද්දී පළවෙනි විනාඩි 5 ඉතා වැදගත්.. පළවෙනි විනාඩි පහේ ඔබේ හිතේ පීඩනය ගොඩක් වැඩිවෙන්න පුලුවන් ඒ නිසා පළවෙනි විනාඩි පහේ පළවෙනි උත්තරය ලියන්න උත්සාහ කරන්න එපා.. ප්‍රශ්න පත්‍රය කියවලා ලියන්න පුලුවන් පහසු ප්‍රශ්නයක් තෝරාගෙන තමා විභාගය ලියන්න පටන් ගන්න ඕනේ..''

2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතය.

විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්