ජින්තුපිටියේත් වෙඩි තැබීමක් අයෙකු මරුට

ජින්තුපිටියේත් වෙඩි තැබීමක් අයෙකු මරුට

February 14, 2026   08:54 pm

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

එම ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අවුරුදු 20ක් වූ මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවය.

තුවාල ලැබූවන් අවුරුදු 19, 27 සහ 28 වයස්වල පසුවන සිලාවතුර සහ ග්‍රෑන්ඩ්පාස් මෙන්ම කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලීසිය ඇතුලු පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවද පොලීසිය සඳහන් කළේය.