දුන්ගල්පිටිය ප්‍රදේශයෙන් රිවෝල්වරයක් සොයා ගැනේ
February 8, 2026 03:57 pm
මීගමුව, දුන්ගල්පිටිය ප්‍රදේශයේ වෙරළට ඇතුල්වන මාර්ගයක් අසල සඟවා තිබූ රිවෝල්වර ගිනි අවියක් ඊයේ (07) සොයාගෙන තිබේ.
ඒ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින්ය.
එය Belgium Velo-dog Revolver 7.65mm NVSN මාදිලියට අයත් එකක් බව සඳහන්වේ.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දුන්ගල්පිටිය පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.
