ගතවූ සතියේ සංචාරකයින්ගේ පැමිණිම 40,000 ඉක්මවයි

ගතවූ සතියේ සංචාරකයින්ගේ පැමිණිම 40,000 ඉක්මවයි

February 8, 2026   05:36 pm

ගතවූ සතිය තුළ සංචාරකයින් 40,000කට අධික පිරිසක් මෙරටට පැමිණ තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම සංඛ්‍යාව 40,054ක් බවය.

ඒ අනුව මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 3,17,381ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

මේ අතර පසුගිය ජනවාරි මාසය මෙරටට වැඩිම සංචාරකයින් පැමිණි මාසය බවට පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසන්නේ.