සයුරෙන් එතෙර
රුසියානු බුද්ධි ප්රධානියාට වෙඩිතැබීමේ සිද්ධියේ අයෙක් අත්අඩංගුවට
February 8, 2026 06:07 pm
රුසියානු හමුදා බුද්ධි අංශ ප්රධානියෙකුට මොස්කව්හිදි පසුගියදා වෙඩි තැබීමේ සිදුවීමට සැකකටයුතු අයෙකු ඩුබායිහිදි රුසියානු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු අද (09) මොස්කව් වෙත රැගෙනවිත් තිබේ.
රුසියානු හමුදා බුද්ධි අංශයේ ඉහළ නිලධාරියෙකු වන ලුතිතන් ජෙනරාල් ව්ලැදිමීර් ඇලෙක්ෂියෙව්ට නාඳුනන තුවක්කුකරුවෙකු මොස්කව්හිදි වෙඩි ප්රහාර කිහිපයක් එල්ලකර තිබුණේ පසුගිය සිකුරාදා දිනයේදීය.
ඒ ඔහු රැඳි සිටි නිවාස සංකීර්ණයේදීය.
64 හැවිරිදි ඇලෙක්ෂියෙව් මේ වනවිට බරපතළ තත්ත්වයෙන් රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි.
රුසියා - යුක්රේන යුද්ධය අරම්භ වූ දා සිට ඔහුව විරුද්ධ පාර්ශ්වයේ ප්රධාන ඉලක්කයක් ව තිබූ බව වාර්තා වේ.
මෙවන් පසුබිමක මෙම වෙඩිතැබීමේ සිදුවීමේ වෙඩික්කරු බවට සැක කෙරෙන අයෙකු ඩුබායිහිදි අත්අඩංගුවට ගැනීමට රුසියානු ආරක්ෂක අංශ සමත්වී තිබේ.
