header logo
SLIC
වෙනත් පුවත්
ඝාතන දෙකකට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට
Feb 01, 202608:04 AM
ඝාතන දෙකකට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට
EDEX

දෙහිවල සහ කොහුවල ප්‍රදේශයන් හී සිදුවූ වෙඩි තැබීම් දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් දකුණ දිසා භාර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 09 වැනි දින දෙහිවල පොලිස් වසමේ හෝටලක් තුළ එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම හා පසුගිය වසරේ දෙසැම්බර් 12 දින කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 730ක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18ක් වන බොරැල්ගමුව හා ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් දෙදෙනා විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත අපරාධයට ආධාර අනුබලදීම සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට