ස්විට්සර්ලන්තයේ අවන්හලක ගින්නක්
January 1, 2026 02:04 pm
ස්විට්සර්ලන්තයේ ක්‍රාන්ස්-මොන්ටානාහි අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් කිහිපදෙනෙකු මිය ගොස් තිබේ.
එම අවන්හල තුළ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා සාදයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේ ඒ සඳහා කී දෙනෙක් සහභාගී වී සිටියා ද යන්න මේ වන තෙක් තහවුරු වී නොමැති බව වාර්තා වේ.
අළුයම 1:30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට පොලිසිය සඳහන් කළේ ගිනිකෙළි හේතුවෙන් ඇති වූ පිපිරීමකින් මෙම ගින්න ඇති වූ බවට සැකපල කරන බවය.
