header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
එළැඹෙන සතිය වන විට ආපදාවෙන් හානි වූ මාර්ග රථ වාහන ධාවනයට විවෘත කිරීමට අවධානය
Dec 06, 202506:16 PM
එළැඹෙන සතිය වන විට ආපදාවෙන් හානි වූ මාර්ග රථ වාහන ධාවනයට විවෘත කිරීමට අවධානය
Mobitel 1278

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා වූ මාර්ග 256 අතුරින් මේ වන විට මාර්ග 192කට වැඩි ප්‍රමාණයක් රථ වාහන ගමනාගමනය සඳහා යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.

අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම මාර්ග 192 අතුරින් ඇතැම් මාර්ගවල රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇත්තේ තාවකාලික ක්‍රම උපයෝගී කරගෙන බවය.

එමෙන්ම එළැඹෙන සතිය වන විට ආපදාවෙන් හානි සිදුවූ සියලුම මාර්ග රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

මෙම මාර්ග අතුරින් මධ්‍යම පළාතේ මාර්ග අභියෝගයක් බවට පත්ව ඇතැයිද සඳහන් කළ ඒ මහතා පැවසුවේ අනෙකුත් පළාත්වල මාර්ග 95%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇති බවය.

මධ්‍යම පළාත තුළ ඇතැම් මාර්ග මහජනතාව සඳහා විවෘත කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් අවශ්‍ය බවත් ඒ සඳහා මේ වන විට සාකච්ඡා කර එළැඹෙන සතිය වන විට විවෘත කිරීමට නියමිත මාර්ග අධීක්ෂණය කර විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම මාර්ග විවෘත කිරීම හරහා සියලුම මාර්ග රථවාහන ධාවනය සඳහා විවෘත වන බවත් මේ වන විට සෑම නගරයකටම යා හැකි පරිදි එක් මාර්ගයක් හෝ විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම කොළඹ - නුවර ඉදිරි දින කිහිපය තුළ පැය 24 පුරාම රථ වාහන ධාවනය සඳහා විවෘත කිරීමට සූදානම් වන බවත් පැවසූ ඒ මහතා පැවසුවේ මේ වන විට උදෑසන 6 සිට සවස 6 දක්වා රථ වාහන ධාවනය සඳහා එම මාර්ගය විවෘත කිරීමට පියවර ගෙන ඇති බවය.

සවස 6 සිට රාත්‍රි කාලයේදී එම මාර්ගයේ නායයෑමට ලක්වූ කොටස් ඉවත් කිරීම සහ මේ වන විට මාර්ගය වෙත වැටී ඇති ගල් පුපුරවා හැරීම සිදුකරනු ලබන බවත් මේ සඳහා තවත් දවස් කිහිපයක් අවශ්‍ය වනු ඇති බවත් ඒ අනුව සියලු බාධක ඉවත් කළ පසු එම මාර්ගයද සියලු රථ වාහන සඳහා විවෘත කිරීමට හැකි බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

ආණ්ඩුවට ඉන්න හතුරෝ ගැන එක පෙළට කියපු ඇමති සමන්ත

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට  වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්