
කොළඹ - ගාලු මුවදොර මුහුදු තීරයේ දියනාමින් සිටියදී මුහුදේ ගසාගෙන ගොස් සිටියදී බේරාගෙන රෝහල්ගත කරනු ලැබූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ තරුණයන් දෙදෙනා 'පෝට් සිටි' පරිශ්රයේ තිබූ බෝට්ටුවක් ආධාරයෙන් බේරාගෙන රෝහල්ගත කර තිබුණි.
අනතුරට ලක් වූ තරුණයින් දෙදෙනා මහරගම ප්රදේශයේ සේවයකරන තරුණයින් දෙදෙනෙක් බව අනාවරණය වී ඇත.










































