header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
අයවැය පරතරය අඩුවුණාට රජයට ණය ගන්න වෙනවා -මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
Nov 04, 202508:00 AM
අයවැය පරතරය අඩුවුණාට රජයට ණය ගන්න වෙනවා -මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
Mobitel 1278

වත්මන් රජය අයවැය පරතරය ක්‍රමානුකූලව අඩුකර ගැනීමට සමත් වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ, මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, රජය විසින් විශාල ලෙස පසුගිය වසර තුළ ණය ලබාගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවය.

කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මේ බව සඳහන් කළේය.

"මේ රජයට ණය ගැනීමට සිදුවෙලා තියෙන්නේ, බොහෝ දුරට දේශීය මූලාශ්‍රවලින්. ඒකට හේතුව අපි දන්නවා මේ ණය අර්බුදයත් එක්ක විදේශීය මූල්‍ය වෙළෙඳපොළට යෑමට හෝ ද්විපාර්ශ්වික ණය ගනුදෙනුකරුවන්ගෙන් ණය ලබාගැනීමට හැකියාව පවතින්නේ ඉතාමත් අවම මට්ටමක. ඒ වගේම බහුපාර්ශ්වීය ආයතන වුණත් ණය දෙන්නේ අර පෙරට වඩා අඩු ණය පහසුකම් තමා මේ වෙද්දි සැපයෙන්නේ. ඒ නිසා රජයට අනිවාර්යයෙන්ම අයවැය හිඟයක් පවතින තත්ත්වයක් තුළදී ණයගැනීමට සිද්ධ වෙනවා. මම දකින්නේ නෑ මේ රජය යටතේ විශාල ණය ගැනීමක් සිදුවෙලා තියෙනවා කියලා. ඒකට හේතුව තමා අයවැය පරතරය ක්‍රමානුකූලව පහත වැටිලා තියෙනවා. ඒ වගේම 2026 වසරට අදාළවත් රජයේ ණයගැනීමේ ඉලක්ක දිහා බැලුවහම ඒ ඉලක්ක තුළ පේන්නේ, ණයගැනීමේ ප්‍රමාණය පහත හෙළීමක් තමා වාර්තා වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ නෑ අපිට පුළුවන් කියලා කෙටි කාලසීමාවක් තුළ වැඩිම ණය ගත්ත රජය මේ රජය කියලා ප්‍රකාශයකට අවශ්‍ය සාක්ෂි සැපයීමට හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ..."

රජය ලබාගෙන ඇති ආර්ථික ජයග්‍රහණ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පළකළේ මෙවන් අදහසකි.

"අපි භාරගත්තේ ඉතා සුමුදුව, සුවපහසුව තිබුණු රටක් නෙමෙයි. ඒ නිසා ආර්ථිකය ශක්තිමත් වන ප්‍රමාණයට තමා සියලු දේවල්වලට වියදම් කරන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය ආදායමේ ඉලක්කයක් තියාගෙන ඒ ඉලක්කය හඹායෑම එක අරමුණක්. එය අපි සාර්ථක කරගෙන තියෙනවා. දැන් වෙද්දි රටට ආදායම් ගෙන එන ආයතන කිහිපයම තමන්ගේ ආදායම් ඉලක්කය ඉක්මවමින් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි රජයක් හැටියට රාජ්‍ය වියදම් පිළිබඳ සෑහෙන සැලකිලිමත් වුණා. මොකද මේ රටේ ජනතාවගේ බදු මුදල්, ඒ බදු රු බිලියන 3000 - 4000ක් විතර එකතු වුණාට ඒ මුදල් සියල්ලම සැලසුම් සහගතව, ඉලක්කගතව ජනතාව වෙනුවෙන් සේවයට යෙදවෙන්නේ නෑ කියලා නිරීක්ෂණය වුණා. මේ සියල්ල පිළිබඳ අවධානය යොමුකරමින් මේවා කළමනාකරණය කරගනිමින් තමා අපි රාජ්‍ය වියදම් කළමනාකරණය කරගෙන තියෙන්නේ."

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (03) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පළකළේ මෙවන් අදහසකි.

"දර්ශක දිහා බැලුවහම ෂෝක් වගේ ගතියක් දැනෙනවා. හැබැයි දැන් ගත්තොත් විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් තියෙනවා. 2018 ඉලක්කම දක්වාම ළංවෙමින් තියෙනවා. හැබැයි ඒ සීයා හිටවපු ගස්වල තරුණ සහෝදරයා ගෙඩි කඩා ගැනීමක්. රනිල් වික්‍රමසිංහ මහත්තයාම කිව්වානේ මම කජු සීයා කියලා. පාසල් පෙළ පොතෙත් තිබුණා සීයා අඹ ඇටයක් සිටුවනවා, ගෙඩි කන්න ලැබෙන්නේ පුතාට කියලා. අපේ බංකොළොත්වීම පදනම් කරගෙන විශාල පිරිසක් රට යැව්වා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ ගිය අය දැන් ප්‍රේෂණ එවනවා. හැබැයි ඔබ දන්නවා ඇති මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත් වීම් පසුගිය වසරට වඩා අඩුයි. මේ වසරේ යනවා අඩුයි කියන්නේ, ඊළඟ වසරවල අපේ ප්‍රේෂණ අඩුවෙනවා. මේ වසරේ දී ඉලක්ක සපුරාගැනීමට ආණ්ඩුව අසමත් වී ඇත. මම නෙමෙයි IMF එක කියන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා තබන අත්සන්...කළුතර භික්ෂු එකමුතුවෙන් පාගමනක් සහ සත්‍යග්‍රහයකුත් අරඹයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

සැබෑ විපක්ෂය කොහෙද ?“ලොකු ප්‍රශ්නයක්...මීට වඩා හොඳ කණ්ඩායමකට බලය මාරු විය යුතුයි

 නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

නාගොඩ අවන්හල් හිමිකරු ඝාතනයේ වෙඩික්කරු වාලච්චේනෙන් කොටුවෙයි

 හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

හප්පපු අයයි හැප්පුන අයයි දෙගොල්ලොම රෝහලට...අනතුරින් පසු ගුටි කෙළියක්..

 වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

වසර 14ක් රස්සාවට ගිය බසයට යටවී අවසන් ගමන් ගිය ජාතික රෝහලේ හෙදිය...

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

දෙරණ 21 වැනි සැමරුමෙන් ක්‍රීඩාවට ඉහළම තැන - 'මව්බිමට වීරයෙක් ක්‍රීඩා පුබුදුව' නිල වශයෙන් ඇරඹෙයි

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

මහ මඟ ගිනිගත් සැප බසය...“එකපාරට ගිනිගත්තේ...ලොක් වෙලා ගියා...අපි දොර කඩාගෙන එළියට පැන්නා”

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

නාවික හමුදාවේ 265 වැනි ආධුනික නාවිකයින් විසිර ගිය හැටි

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මරණ දණ්ඩනයට නියම වී සිටින අනෝජන්ගේ අභියාචනය හෙට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

මෙට්‍රෝ බස්වලට චණ්ඩිකම් දාන ප්‍රයිවට් බස්වලට වැඩ වැරදෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

''ඥානසාර හිමිට නෙවෙයි අරහත් ධජයටයි අත තිබ්බේ'' | Ada Derana

 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

Lassana Flora
Spotlight
ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

ක්‍රිකට් නඩුවලට කෝටි 116ක් | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

හිටපු මැති ඇමති සමීපතම 20කට අල්ලස් - දූෂණ චෝදනා - බිරින්දෑවරුන් ඒ අතර | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ශිරන්ති - නාමල් එකට 13දා උසාවියට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමි හිරගෙදර මුද්‍රණ වැඩට | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ඥානසාර හිමිට නිදහස පතා සඟ පා ගමනක් | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ශ්‍රී ලංකා ආර්ථිකය රිම් එකෙන් - ලෝක බැංකුව කියයි | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

ජන දිවිය නංවන්න රුපියල් ට්‍රිලියන 2ක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට