2025 ලෝක මලල ක්රීඩා ශූරතාවලියේ 100m ඉසව්වල ජය අමෙරිකාවට සහ ජැමෙයිකාවට
September 14, 2025 07:20 pm
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2025 ලෝක මලල ක්රීඩා ශූරතාවලියේ මීටර් 100 කාන්තා ඉසව්ව ජය ගැනීමට අමෙරිකා එක්සත් ජනපදයේ මෙලිසා ජෙෆර්සන් වුඩන් සමත් විය.
ඇයට මීටර් 100 ඉසව්ව සඳහා ගත වී ඇත්තේ තත්පර 10.61 කි.
මේ අතර මීටර් 100 පිරිමි ඉසව්වේ ජය හිමිකර ගත්තේ ජැමෙයිකාවේ ඕබ්ලික් සෙවිල් විසනි.
ඔහු තත්පර 9.77 කින් මීටර් 100 ඉසව්ව අවසන් කළ බව සඳහන් වේ.