T81 ගිනිඅවියක් සමග ඊයේ අත්අඩංගුවට ගත්  බැකෝ සමන්ගේ ගෝලයා රිමාන්ඩ්

T81 ගිනිඅවියක් සමග ඊයේ අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ ගෝලයා රිමාන්ඩ්

September 14, 2025   05:31 pm

T81 ගිනි අවියක් සමග බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (13) අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ සමීපතමයා ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මෙම පුද්ගලයා බැකෝ සමන්ගේ ගිනිඅවි ප්‍රවාහනය සහ ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබිය.

අදාළ පුද්ගලයා ඇඹිලිපිටිය ගඟෙයාය ප්‍රදේශයේ පදිංචි හෙට්ටි ලියනගේ ලක්ෂාන් නොහොත් අමිල නැමැති පුද්ගලයා බවට පොලීසිය අනාවරණය කරගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී T81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමක් සොයා ගැනුණි.