හිටපු ලෝක බොක්සිං ශූර  රිකී හැටන් අභාවප්‍රාප්ත වෙයි

හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් අභාවප්‍රාප්ත වෙයි

September 14, 2025   06:25 pm

හිටපු ලෝක බොක්සිං ශූරයෙකු වන එක්සත් රාජධානියේ රිකී හැටන් අද (14) අභාවප්‍රාප්ත වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු සිය නිවස තුළදීම අභාවප්‍රාප්ත වී ඇති බවය.

මියයන විට 42 හැවිරිදි වියේ පසු වූ රිකී හැටන්, වසර 15ක වෘත්තීය බොක්සිං ක්‍රීඩාවේ Light-welterweight සහ  Welterweight ලෝක ශූරතා කිහිපයක්ම ජයග්‍රහණය කර තිබුණි.

වෘත්තීය තරග බිමේ තරග 48කට සහභාගි වී ඇති ඔහු ඉන් 45ක්ම ජයග්‍රහණය කර ඇත.

එහි සුවිශේෂත්වය වන්නේ එම ජයග්‍රහණ අතරින් තරග 32කම ඔහු නොකවුට් ජයග්‍රහණ වාර්තා කර තිබීමය.

රිකී හැටන් අවසන් වරට බොක්සිං තරගයකට සහභාගි වී තිබුණේ 2012 දීය.