බටහිර මියන්මාරයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 22ක් මරුට

බටහිර මියන්මාරයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 22ක් මරුට

September 13, 2025   10:11 pm

බටහිර මියන්මාරයේ පාසලක නේවාසිකාගාර ගොඩනැගිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිසුන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට සිසුන් නින්දේ පසුවූ බවය.

එරට සන්නද්ධ කැරලි කණ්ඩායම් සිටින ප්‍රදේශයක් ඉලක්ක කර මියන්මාර හමුදා මෙම ප්‍රහාරය එල්ල කර තිබුණි.