ශ්‍රී ලංකාවට ලකුණු 140ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 140ක ඉලක්කයක්

September 13, 2025   09:52 pm

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කර ගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Shamim Hossain ලකුණු 42ක් රැස් කළ අතර Jaker Ali ලකුණු 41ක් හා Litton Das ලකුණු 28ක් රැස් කිරීමට සමත් විය.

කණ්ඩායමේ අනෙක් කිසිඳු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාවවත් ඉක්මවා යාමට සමත් වූයේ නැත.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත් අතර නුවන් තුෂාර සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 140ක ඉලක්කයක් හඹා යාමට නියමිතය.