බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත රක්ෂිතයේ ගින්නක්

බෙලිහුල්ඔය නන්පේරියල්වත්ත රක්ෂිතයේ ගින්නක්

September 13, 2025   09:18 pm

බලංගොඩ නන්පෙරියල් රක්ෂිතයේ අද (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න මේ වන විටත් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

ප්‍රදේශය පුරා පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් රක්ෂිතය පුරා ගින්න පැතිර යමින් පවතින බවද වාර්තා වේ.