තේජමාන මහසිලු ඇතාත් යන්නම ගිහින්

තේජමාන මහසිලු ඇතාත් යන්නම ගිහින්

September 11, 2025   10:40 am

බුත්තල සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල සැරිසරමින් සිටි මහසිලු නම් ඇතාගේ මළ සිරුර ඔක්කම්පිටිය ඉලුක්පිටිය ප්‍රදේශයේ වෙල් යායක තිබී අද (11) උදෑසන සොයාගෙන තිබේ.

මෙම ඇතාගේ මරණයට නිෂ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර ඇතාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

හොඳින් වැඩුණු දළ දෙකක් සහිතව ප්‍රදේශයේ තේජමානව සිටි මෙම ඇතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට වනජීවි නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.