රුසියාවෙන් ඉන්දියාවට සහන
සයුරෙන් එතෙර

රුසියාවෙන් ඉන්දියාවට සහන

September 3, 2025   03:09 pm

ඉන්දියාව වෙත සිදුකරන බොර තෙල් අලෙවියේදී තවදුරටත් වට්ටම් ලබාදීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව රුසියාව ඉන්දියාව සඳහා අලෙවි කරන බොරතෙල් බැරලයකට ලබාදෙන වට්ටම් ඩොලර් 3 සිට ඩොලර් 4 දක්වා ඉහළ දමා ඇති බවත් සඳහන් ය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ සැප්තැම්බර් අග සහ ඔක්තෝබර් මාසයේදී රුසියාවෙන් ඉන්දියාවට ගෙන්වන බොරතෙල් සඳහා මෙම සහනය ලබාදී ඇති බවය.

රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් දඬුවම් කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය පසුගිය සතියේ ඉන්දියාවේ තීරුබදු සියයට 50 දක්වා දෙගුණ කර තිබුණි. 

කෙසේවෙතත් ඉන්දියාව 2022 වසරේ සිට රුසියානු බොරතෙල්වල ප්‍රධාන ආනයනකරුවෙකු බවට පත්වී සිටී. 

අමෙරිකාවේ බලපෑම් හමුවේ ඉන්දියාව මේ වනවිට රුසියාව සමග පමණක් නොව චීනය සමග ද සබඳතා තර කරගනිමින් සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.