පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද දහවල්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද දහවල්

August 21, 2025   10:23 am

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කථානායක, ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් 12ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින්ට සහභාගී වෙන ලෙස කථානායකවරයා විසින් දැනුම්දී තිබේ.

මෙහිදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂය පවසා ඇත්තේ, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයට හැකියාවක් නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් ඊයේ (20) දිනයේ දී විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වී පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.