ජූලි මාසයේ වැඩිහිටි දීමනාව හෙට ගිණුමට

ජූලි මාසයේ වැඩිහිටි දීමනාව හෙට ගිණුමට

July 29, 2025   08:38 am

ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට (30) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ.

ඒ අනුව රු 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක් අතරේ බෙදාහැරීමට නියමිතය.

අදාළ ප්‍රතිලාභීන්ට හෙට දින සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකිය.