වසර 4,000ක් පැරණි අත් සලකුණක්
July 29, 2025 06:14 pm
පුරාණ ඊජිප්තු සොහොන් ගෙයක පූජා සඳහා භාවිතා කරන ලද මැටි ආකෘතියක වසර 4,000ක් පැරණි අත් සලකුණක් සොයාගෙන තිබේ.
එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ෆිට්ස්විලියම් කෞතුකාගාරයේ පර්යේෂකයින්, මෙම සරත් සෘතුවේ දී විවෘත කිරීමට නියමිත ප්‍රදර්ශනයක් සඳහා සූදානම් වෙමින් සිටියදී අහම්බෙන් මෙය සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෞතුකාගාරයේ මාධ්‍ය නිවේදනයකට අනුව, එය “soul house” පාදම මත තිබී හමු වූ තිබේ.
එය සාමාන්‍යයෙන් භූමදානවල දක්නට ලැබෙන ගොඩනැගිලි හැඩැති මැටි ආකෘතියකි.
මෙම ආකෘතියේ ඉදිරිපස විවෘත ඉඩක් ඇති අතර එහි පාන්, සලාද කොළ හෝ ගවයෙකුගේ හිස වැනි ආහාර පූජා තැබිය හැකිය.
ක්‍රිස්තු පූර්ව 2055-1650 පමණ ඈතට දිවෙන මෙම soul house පුළුල් පරීක්ෂණවලට භාජනය වූ අතර එමඟින් සහස්‍ර හතරකට පෙර එය සාදන ලද ආකාරය අනාවරණය විය.
එහි දැක්වෙන්නේ නම් නොකළ කුඹල්කරු මුලින්ම දෙමහල් ගොඩනැගිල්ල සඳහා ලී කූරු රාමුවක් නිර්මාණය කර, පසුව එය මැටිවලින් ආලේප කර ඇති බවය.
අත් සලකුණ soul house යටින් හමු වූ අතර එය බොහෝ විට මැටි තෙත්ව තිබියදී සහ උඳුනක පුළුස්සා දැමීමට පෙර කුඹල්කරු ආකෘතිය ගෙන යන විට සෑදී ඇත.