මාරක රිය අනතුරක් - දෙදෙනෙක් මරුට

මාරක රිය අනතුරක් - දෙදෙනෙක් මරුට

July 30, 2025   12:00 pm

හතරලියද්ද -  රඔුක්කන මාර්ගයෙහි 12 කණුව ආසන්නයේදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

හතරලියද්ද දෙසට ධාවනය වූ ලොරි රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඊයේ (29) හවස මෙම අනතුර සිදුව ඇත.

ලොරි රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව පසුව යතුරුපැදියක හා කැබ් රථයක ගැටී ලොරිය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.

අනතුරින් ලොරි රථයේ රියදුරු සහ රිය සහායක දෙදෙනාද, යතුරුපැදිකරුද, කැබ් රථයේ රියදුරු සහ රිය සහායකද තුවාල ලබා හතරලියද්ද රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව වයස අවුරුදු 52 හා 63 වයස්වල පසුවූ ලොරි රථයේ රියදුරු සහ යතුරුපැදිකරු මියගොස් ඇත.

ලොරි රථයේ රිය සහායක දෙදෙනා සහ කැබ් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

මෘත ශරීර හතරලියද්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් හතරලියද්ද පොලීසිය වැඩිදුර විමර්ශනය සිදුකරයි.