අපරාධ කල්ලි නායකයෙකු ඇතුළු 11ක් අත්අඩංගුවට
July 30, 2025 12:00 pm
හලාවත බංගදෙනිය වීරකමණ්දලුව ප්‍රදේශයේ නිවසක් වටලා සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමක දී කොළඹ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (29) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති අතර එම අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා නිවසින් පැන ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඔහු ත්‍රීරෝද රථයකින් හලාවත බස් නැවතුම්පොළ බලා ගමන් කරමින් සිටිය දී හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් තුන්දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 08 දෙනෙකු සිටී.
හලාවත මුලස්ථාන පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.