ෆින් ඇලන් T20 ලෝක වාර්තාවක් අලුත් කරයි
June 13, 2025 10:31 am
විස්සයි20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් විය.
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC) තරගාවලියේ මෙවර තරගාවාරය ආරම්භකරමින් පැවති තරගයේදී ඔහු මෙම සුපිරි වාර්තාව පිහිටු වීය.
සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන ෆින් ඇලන්, වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායමට එරෙහිව මෙම දක්ෂතා දැක්වීය.
මෙහිදී ඇලන් පන්දු 49කින් ලකුණු 150 සම්පූර්ණ කළේය.
පන්දු 51කින් ගොඩනැගුණු ඔහුගේ සම්පූර්ණ ඉනිමට හයේ පහර 19ක් හා හතරේ පහර 5ක් ඇතුළත් විය.
ඇලන් විසින් බිඳදමනු ලැබුවේ 2022 වසරේ දී දකුණු අප්‍රිකාවේ ඩිවාල්ඩ් බ්‍රෙවිස් එරට විස්සයි20 ලීගයේදී පන්දු 52කින් ලකුණු 150 සම්පූර්ණ කර පිහිටුවා තිබූ වාර්තාවයි.
මේ අතර මෙම තරගයේ දී ඇලන් හයේ පහර 19ක් එල්ලකළ අතර, එයද විස්සයි20 තරගයකදී එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාව විය.
ඔහු විසින් බිඳදමනු ලැබුවේ ක්‍රිස් ගේල් සහ එස්තෝනියාවේ සහිල් චෞහාන් හයේ පහර 18 බැගින් එල්ලකර පිහිටුවා තිබූ වාර්තායි.
මෙරට වේලාවෙන් අද (13) පෙරවරුවේ අවසන් වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 269/5ක් රැස්කළේය.
කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායමට පන්දුවාර 13.1කදී ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි.