මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය මාලිමාවට උප සභාපති ධුරය පොහොට්ටුවට
June 13, 2025 07:18 pm
මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයටත් උප සභාපති ධුරය පොදුජන පෙරමුණටත් හිමිව තිබේ.
ඒ අද (13) පැවැති ඡන්ද විමසීමේදීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය ජාතික ජන බලවේගය දිනා ගනු ලැබුවාද බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීමට අපොහොසත් විය.
එහිදී ජාතික ජන බලවේගය සභික ධුර 10ක් හිමි කර ගැනීමට සමත් වූ අතර සමගි ජන බලවේගය සභික ධුරය 6ක් හිමි කර ගනු ලැබීය.
එමෙන්ම පොදුජන එක්සත් පෙරමුණ සහ සර්ව ජන බලය සභික ධුර 2 බැගින් දිනා ගත් අතර පොදුජන එක්සත් පෙරමුණ එක් සභික ධුරයක් හිමිකර ගත්තේය.
සභාවේ බලය පිහිටුවීමේදී එක් සභිකයෙකු පක්ෂ හෝ විපක්ෂ දෙකටම අවශ්‍ය වී තිබුණු අතර සභාවේ බලය පිහිටුවීම සඳහා එක් සභිකයෙකු තීරක සභිකයෙකු වී රහස් ඡන්දය භාවිත කිරීමෙන් සභාපතිවරයා පත්කර ගත යුතුව තිබුණි.
ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභාවාරය අද පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට ආරම්භ විය.
එහිදී සභාව උණුසුම් මුහුණුවරක් ගනු ලැබූ අතර පැවැති ඡන්ද විමසීමේදී එහි සභාපති ධුරය ජාතික ජන බලවේගයේ ධනපාල විමලතුංග මහතාට හිමි වූ අතර උප සභාපතිකම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතාට හිමි විය.