ගවයින් සොරකම් කළ සැකකරුවන් අත්අඩංගුවට
June 14, 2025 11:00 am
කහතුඩුව, කිරිවත්තුඩුව ප්රදේශයේදී ඉකුත් මැයි 30වනදා රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනා එළ ගවයින් දෙදෙනෙකු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.
කහතුඩුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් මෙහි වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව ගව සොරකමට සම්බන්ධ අයෙකු, ඊට ආධාර අනුබල දුන් අයෙකු හා සොරබඩු ළඟ තබාගැනීමට සම්බන්ධ අයෙකු ලෙස සැකකරුවන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරුවන් අවුරුදු 23, 47 හා 59 වයස්වල පසුවන වත්තල, රාගම හා මට්ටක්කුලිය ප්රදේශවල පදිංචිකරුවන්ය.
කෙසේ නමුත් අදාළ සැකකරුවන් සොරකම් කරන ලද එළ ගවයින් එදිනම මරා මස්කර විකුණා ඇති බවට අනාවරණය වී ඇත.
මේ අතර ගවයින් කිරිවත්තුඩුව ප්රදේශයේ සිට වත්තල මාබෝල ප්රදේශය වෙත ප්රවාහන කිරීම සඳහා යොදාගත් වෑන් රථයක් හා ගව මස් ප්රවාහනය කිරීම සඳහා යොදාගත් ත්රීරෝද රථයක් පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් අද (14) කැස්බෑව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.