ජනපති ජර්මනියේ ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි

ජනපති ජර්මනියේ ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි

June 14, 2025   01:45 pm

ජර්මනියේ  නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේ ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී තිබේ.

එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයන් සහ වෘත්තිකයන් රැසක් එක්ව සිටියහ. 

මෙම අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව එරට සිටින ශ්‍රී ලාංකියින් විසින් උණුසුම් ලෙස පිළිගෙන ඇත.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවය. 

එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා, බිඳවැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සඳහා මේ වනවිට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බව පෙන්වා දී ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙහිදී අදහස් දක්වා තිබේ.