විදෙස් ජාතිකයින් දෙදෙනෙකු බේරාගත් පොලිස් මෙහෙයුම

විදෙස් ජාතිකයින් දෙදෙනෙකු බේරාගත් පොලිස් මෙහෙයුම

May 21, 2025   07:29 am

මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ.

ඊයේ (20) දහවල් කාලයේදී මෙම විදෙස් ජාතිකයින් දෙපළ මෙම අනතුරට මුහුණ දුන් බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන මූලික ප්‍රථිකාර ලබා දී ඇත. 

අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 31ක් වන බංග්ලාදේශ ජාතිකයෙකු වන අතර අනතුරට පත් කාන්තාව වයස අවුරුදු 20ක් වන ස්විස්ටර්ලන්ත ජාතික කාන්තාවකි.

මිරිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 104435 සරත්චන්ද්‍ර හා පොලිස් කොස්තාපල් 105268 සිසිර යන නිලධාරීන් විසින් මෙම විදෙස් ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයාගේ දිවි බේරාගැනීම සිදුකර ඇත.