ගතවූ පැය 24 තුළ රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 981ක් අත්අඩංගුවට
December 15, 2025 12:49 pm
පොලීසිය විසින් ආරම්භ කර ඇති රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (15) දිනයේදී පුද්ගලයින් 981 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම මෙහි මූලික අරමුණු වූ අතර ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස සිට මෙම මෙහෙයුම් ආරම්භ කෙරිණි.
ඒ අනුව සිදුකරන ලද මුළු වැටලීම් 987 අතුරින් මෙම සැකකරුවන් පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 513ක්ද, අයිස් ග්‍රෑම් 890ක්ද, ගංජා පැල 35,349ක්ද ඇතුළු මත්ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.
එම සම්පූර්ණ වාර්තාව පහතින්,
“රටම එකට” ජාතික මෙහෙයුම by poornima
මේ අතර ඊයේ (14) දිනයේදී පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී පුද්ගලයින් 27,182ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී පුද්ගලයින් 871ක් අත්අඩංගුවට ගැනීමටද පොලීසිය කටයුතු කර තිබේ.
එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 18ක් ද, වරෙන්තු ලබා සිටි පුද්ගලයින් 244ක්ද, විවෘත වරෙන්තුකරුවන් 171ක්ද, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර බීමත්ව රිය පැදවීම හේතුවෙන් පුද්ගලයින් 28ක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
එම සම්පූර්ණ වාර්තාවද පහතින්,
විශේෂ මෙහෙයුම් ක්_රියාත්මක කිරීම by poornima
